නොර්වුඩ් වතුයායේ යුකෙලප්ස්ටික් වර්ගයේ ගස් කපා ඉවත් කිරිමට වතුපාලන අධිකාරිය මගින් නීත්‍යානුකූල අවසර ලබාගත් කොන්ත්‍රාත්කරුවෙකු විසින් අපරික්ෂාකාරි ලෙස ගස් කපා ඉවත් කිරිමට යාමේදී විදුලි රැහැන මතට ගසක් කඩා වැටී තිබේ. ඒ සමගම එගිනි ගැනිම ඇති වූ බවයි, නොර්වුඩ් පොලිසිය ප්‍රකාශ කරන්නේ.
පැතිර ගිය ගින්න නොර්වුඩ් පොලිසිය සහ වතු කම්කරුවන් එක්ව පාලනය කර තිබේ.
විදුලිබල මණ්ඩලය දැනුත් නොකර අධි බලැති විදුලි රැහන් පද්ධතියක් අසළ ගසක් කපා ඉවත් කිරිමට යාමෙන් විදුලිබල මණ්ඩලයට විශාල අලාභයක් සිදු වී ඇති බව මස්කෙලිය විදුලි පාරිභෝගික මධ්‍යස්ථානයේ විදුලි අධිකාරි අරෝෂ නිලන්ත මහතා ප්‍රකාශ කළේය.
විදුලි රැහන් පද්ධතිය කඩා වැටීමෙන් නොර්වුඩ් ප්‍රදේශයට මේ වන විට විදුලිය ඇණ හිට තිබේ. එය කඩිනමින් ලබා දීමට කටයුතු කරන බවයි, විදුලි අධිකාරිවරයා කියා සිටියේ.