කර්මාන්ත ශාලාවක පිපිරීමක් එක් අයෙක් මරුට

ඔක් 14, 2024
    දිවුලපිටිය බඩල්ගම ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක සිදු වූ පිපිරීමකින් එහි සේවකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

    අදාල කර්මාන්ත ශාලාවේ බොයිලේරුවක් පිපිරීයාමෙන් අනතුර සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ.

    අනතුරින් කර්මාන්ත ශාලාවේ තවත් සේවකයින් 19 දෙනෙකු තුවාල ලබා අකරගම සහ දිවුලපිටිය යන රෝහල්වලට ඇතුළත් කර තිබෙනවා.
    සිද්ධිය සම්බන්ධයෙන් බඩල්ගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

    Latest News