වී මිලදී ගැනීමට, ණය මුදල් ප්‍රදානය (වීඩියෝ)

පෙබ 21, 2021
  • වී මිලදී ගැනීමට, නැගෙනහිර පළා‍තේ සමූපකාර සමිති සඳහා ණය මුදල් ප්‍රදානය මඩකලපුව, දේවනායගම් ශාලාවේදී ඊයේ සිදු කෙරිණ.

    ඒ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙහිදී සමිති 12ක් සඳහා රුපියල් මිලියන 73ක මුදලක් ප්‍රදානය කෙරිණ. ජනතාවට පහසුවන අයුරින් කඩිනමින් වී අලෙවි කිරීමට අවස්ථාව ලබාදීම මෙහි අරමුණයි.

    රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සහ මඩකලපුව දිස්ත්‍රික්කයේ ජනතා නියෝජිතයන් හා රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

    Last modified on ඉරිදා, 21 පෙබරවාරි 2021 22:28

    Latest News