ජනපති විශේෂ කොමිෂන් සභාවෙන් විනිසුරු රත්නප්‍රිය ඉල්ලා අස්වේ

පෙබ 21, 2021

    දේශපාලන පලිගැනීම් සම්බන්ධයෙන් විමර්ෂණය කිරීම සඳහා පත් කළ කොමිෂන් සභාව විසින් පසුගියදා බාර දුන් වාර්තාව සම්බන්ධයෙන් අධ්‍යයනය කිරිමට සහ ඊට අදාළ උපදෙස් ලබාදීම සම්බන්ධයෙන් පත්කළ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සාමාජිකයකු ඉල්ලා අස්වී තිබේ.

    මෙලෙස ඉල්ලා අස්වී ඇත්තේ, විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සාමාජිකයකු ලෙස පත් කර සිටි අභියාචනාධිකරණ විනිසුරු රත්නප්‍රිය ගුරුසිංහ මහතාි.

    මෙම ඉල්ලා අස්වීම හේතුවෙන් හිස්වන කොමිෂන් සභාවේ සාමාජික ධුරය සඳහා අභියාචනාධිකරණ විනිසුරු ආර්.එම්. සෝභිත රාජකරුණා මහතා පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් ද මේවනවිට රජය විසින් නිකුත් කර තිබේ.

    මෙම විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සභාපති ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයාකාර ධම්මික ප්‍රියන්ත සමරකෝන් ජයවර්ධන මහතාද, ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයාකාර ඛේමා කුමුදිනි වික්‍රමසිංහ මහත්මිය එහි සාමාජිකු ලෙස කටයුතු කරනු ලබයි.

    Latest News