පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් හෙට දිවයිනට

පෙබ 22, 2021

    පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා දෙදින නිල සංචාරයක් සඳහා හෙට (23) දිවයිනට පැමිණේ.

    පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා සිය සංචාරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා කිරීමට නියමිතය.

    එමෙන්ම සිය සංචාරය අතරතුර පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා වෙළෙඳ සහ ආයෝජන, සෞඛ්‍ය, අධ්‍යාපන, කෘෂිකාර්මික, විද්‍යා, තාක්ෂණ, ආරක්ෂාව, සංචාරක ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිතව ඇත.

    Latest News