යුධ හමුදාව සහ පොලිසිය කළ සෝදිසි මෙහෙයුමකදි ප්‍රපාතයේ තිබූ සිරුර යුධ හමුදාව විසින් සොයා ගත් බව බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත කන්දෙවත්ත මහතා පවසයි. මෙසේ ජිවිතක්ෂයට පත්වූයේ අවිස්සාවේල්ල මානියම පදිංචි මඩවත ආරච්චිගේ අකලංක පෙරේරා (22) නමැති තරුණයෙකි .
රාත්‍රී 9.30 ට පමණ වැසිකිලි යන බව පවසා වරතු බෝතලයක්ද රැගෙන කූඩාරමෙන් පිටතට ගිය ඔහු යළි නොපැමිනි බව ඔහුගේ මිතුරන් පොලිසියට පවසා තිබේ. නාරංගල කන්ද සංචාරයට තහනම් ප්‍රදේශයක් බවට බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව විසින් තීරණය කර තිබූ පරිසර කළාපයකි. බදුල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.