"නැකතට පැලයක්" ගිවිසුමට අත්සත් තැබේ

මාර් 10, 2021

    "හුස්ම දෙන තුරු" රුක් රෝපණ වැඩසටහනට සමගාමීව සිංහල, දෙමළ අලුත් අවුරුදු උත්සවයට නව අවුරුදු සිරිතක් එක් කරමින් "නැකතට පැලයක්" නමින් නව වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.

    ඊට අදාළ ගිවිසුමට පරිසර අමාත්‍යාංශයේදී අද (10) අත්සත් තැබිණ. මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන්නේ, පරිසර අමාත්‍යාංශය විසින්. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සහ ඩයලොග් ආසියාටා සමාගම ඊට අනුග්‍රහය දක්වයි.

    අමාත්‍ය මහින්ද අමරවීර, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති වෛද්‍ය නිහාල් ජයතිලක, ඩයලොග් ආසියාටා සමාගමේ ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරි හර්ෂ සමරනායක යන මහත්වරුන් ගිවිසුමට අත්සන් තැබීමට එක්වූහ. "සෞභාග්‍යයේ දැක්ම" ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව සමස්ත වන වැස්ම 30% දක්වා වර්ධනය කර හරිත ශ්‍රී ලංකාවක් මතු පරපුරට දායාද කිරීම වැඩසටහනේ අරමුණයි.

    සිංහල අලුත් අවුරුදු සිරිත් ඉටුකරන පවුල් මිලියන 5.5ත්, 6ත් අතර ප්‍රමාණයක් සිටින අතර, පැල සිටුවීමේ නැකතට පවුල් මිලියන 4ක් පමණ සහභාගි වෙතැයි, අපේක්‍ෂා කෙරේ. පැලය රෝපණය කිරීමෙන් පසු එය, විශාල ගසක් දක්වා වර්ධනය වන තෙක් නිරීක්‍ෂණය කිරීමට ද අපේක්‍ෂිතයි.

    Latest News