නාරාහේන්පිටි අභයාරාම විහාරස්ථානයට ගිය අගමැතිතුමා එහි පැවති 1200ක පිරිසකට කොවිඩ් එන්නත් ලබාදීමේ වැඩසටහන නිරීක්ෂණය කළේය. කොළඹ මහ නගර සභා මන්ත්‍රීවරුන් වන ගලගම ධම්මරන්සි හිමි, වෛද්‍ය ප්‍රදීප් කාරියවසම් මහතා හා මනෝරි වික්‍රමසිංහ මහත්මියගේ ඉල්ලීම පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක විය.
එන්නත් ලබාදීම කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි රුවන් විජයමුණි මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායම විසින් මෙහෙයවූහ. නාරාහේන්පිට අභයාරාමාධිපති බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමි ඇතුළු මහා සංඝරත්නය සහ වෛද්‍ය හා හෙද කාර්ය මණ්ඩල ඇතුළු ප්‍රදේශවාසීන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.