ණය ලබාදීමේ දී Crib වාර්තාව පමණක් නොව වෙනත් තොරතුරු ද සළකා බැලේ

මාර් 11, 2021

    මූල්‍ය ආයතන ණය ලබාදීමේදී ණය තොරතුරු කාර්යාංශයේ වාර්තාව පමණක් නොව වෙනත් තොරතුරු ද සලකා බලන බව ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ අධ්‍යක්‍ෂ නන්දි ඇන්තනී මහතා පවසයි.

    ඔහු අවධාරණය කරන්නේ, ණය ලබාදීමේදී ණය තොරතුරු වාර්තාව පමණක් සළකා බලන බවට වන මතය සාවද්‍ය බවයි. ශ්‍රී ලංකා මහ බැංකුව නියාමනය කරන ආයතනවලට අදාළ ණය ගැනීම් පිළිබඳ විස්තර ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ අන්තර්ගතවේ.

    එහිදී ණය ගෙවීම්, පමාවීම් හා පැහැර හැරීම් සම්බන්ධයෙන් තොරතුරු ලබාදීම කාර්යාංශයෙන් සිදු කෙරේ. ඒ මත පදනම්ව පමණක් ණය පිළිබඳ තීරණ නොගන්නා ලෙස රජය ණය දෙන ආයතනවලට දැනුම් දී ඇත.

    Latest News