යාපනය-චෙන්නායි සෘජු ගුවන් ගමන් කඩිනමින්....

මාර් 11, 2021

    කොවිඩ් වසංගතය හේතුවෙන් අත්හිටුවා ඇති යාපනය චෙන්නායි සෘජු ගුවන් ගමන් කඩිනමින් යළි ආරම්භ කිරීමට රජය සුදානම් වෙයි.

    ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ආරම්භ කිරීමට අපේක්ෂා කරන සංචාරක ගුවන් බුබුළ සංකල්පය යටතේම මෙය ද ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව  සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

    එමෙන්ම රත්මලාන, යාපනය සහ මඩකළපුව අතර අභ්‍යන්තර ගුවන් සේවයක් කඩිනමින් ආරම්භ කීරීමට ද සැලසුම් කර තිබේ. යාපනය හා මඩකළපුව ගුවන් තොටුපළ ජාත්‍යන්තර ගුවන් තොටුපළ ලෙස සංවර්ධනය කිරීමට ද අපේක්ෂා කරන බව ඇමතිවරයා වැඩිදුරටත් සදහන් කරයි.

    ඉන්දියානු රාජයේ ආධාර යටතේ රුපියල් මිලියන 300 ක් වැය කරමින් ඉදි කෙරෙන මඩු වන්දනාවේ යන බැතිමතුන් සදහා වූ අතරමැදි නිවාස ඒකක 144 ක ඉදිකිරීම් ආරම්භ කිරිමේ අවස්ථාවට එක්වෙමින් ඇමතිවරයා මේ බව සදහන් කළේය. මඩු දේවස්ථාන භූමියේ දී අද (11) මෙම උත්සවය පැවැත්විණි.

    Latest News