වගාවට සුදුසු ඉඩම් පිළිබඳ බැංකු සංචිතයක් ගොඩනැගිය යුතුයි; අමාත්‍ය චමල්

මාර් 11, 2021

    රාජ්‍ය ආයතන සතු වගා කිරීමට සුදුසු ඉඩම් පිළිබඳ බැංකු සංචිතයක් ගොඩනැගිය යුතු බව, අමාත්‍ය චමල් රාජපක්‍ෂ මහතා පවසයි.

    වගා කිරීමට සුදුසු මෙතෙක් වගා කර නොමැති ඉඩම් පාරම්පරික ගොවීන්ට හෝ ගොවිපළ ඇති කිරීමට ලබාදීමට සුදුසු ක්‍රමවේදයක් සකස් කරන ලෙස, අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය.

    ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ ජාතික සම්බන්ධීකරණ කෘෂිකාර්මික අනු කමිටුවේදී බැංකු සංචිතයක් ගොඩනැගීම පිළිබඳ තීරණය කෙරිණ.

    එම අනුකමිටුවේ සභාපතීත්වය දරන්නේ අමාත්‍ය චමල් රාජපක්‍ෂ මහතායි. මේ සඳහා වාරිමාර්ග, වනජීවි, කෘෂිකර්ම, ඉඩම්, පරිසර හා වැවිලි කර්මාන්ත යන අමාත්‍යාංශවල නිලධාරීන් ඊට ඇතුලත්.

    රට හදන සෞභාග්‍යයේ දැක්මට අනුව ශ්‍රී ලංකාව ආහාරවලින් ස්වයං පෝෂිත කිරීමේ ජාතික ප්‍රතිපත්තිය යථාර්ථයක් බවට පත්කිරීමට මෙම වැඩසටහන ද දායකවේ.

    Latest News