එන්නත් මාත්‍රා දෙලක්‍ෂ 64,000 අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට ලබාදීම ඇරඹේ

මාර් 12, 2021

    කොවැක්ස් වැඩපිළිවෙළ යටතේ ශ්‍රී ලංකාවට ලැබුණු ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා දෙලක්‍ෂ 64,000 අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට ලබාදීම අද ආරම්භ කෙරිණ.

    ඒ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන්. රාජගිරිය වික්ටෝරියා වැඩිහිටි නිවාසයේදී සහ මාලඹේ කොතලාවලපුර වැඩිහිටි නිවාසවලදී එන්නත්කරණ වැඩසටහන් පැවැත්විණ.

    කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල වැඩිහිටියන්ට එන්නත් ලබාදීමට සැලසුම් කර ඇත. මීට සමගාමීව කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල වැඩිහිටි නිවාසවල පාලිකාවන්ට සහ කාර්ය මණ්ඩලවලට ද එන්නත් ලබාදීමට නියමිතයි.

    රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්වරු සහ යුනිසෙෆ් ආයතනයේ නියෝජිතයන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

    Latest News