බුර්කාව තහනම් කිරීමේ කැබිනට් පත්‍රිකාවට අත්සන් කරයි (වීඩියෝ)

මාර් 13, 2021
  • බුර්කාව තහනම් කිරීම සඳහා වන කැබිනට් පත්‍රිකාවට තමා අත්සන් තැබු බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි.

    කළුතර මුණසිංහ ආරාමයේ පැවති උත්සවයක් අමතමින් අමාත්‍යවරයා එම අදහස් පළ කර තිබේ.

    එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, එය මෙරට ජාතික ආරක්ෂාවට ඍජුව බලපාන බවයි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා....

    “ඊයෙ මම අත්සන් කළා බුර්කාව තහනම් කරන ඒ නියෝගය ඒ කැබිනට් පත්රිකාව. බුර්කාව වුවත් අපි ජාතික ආරක්ෂාවට සෘජුව බලපාන දෙයක්. ඒක හින්ද අපි දන්නවා. අපි පුංචිකාලේ වුවත් ඕනි තරම් අපි ඒ මුස්ලිම් යාලුවෝ හිටියා. මුස්ලිම් බිහිවූ දරුවෝ හිටියා. කවදාවත් මේ බුර්කාව පැළඳ ගෙන සිටියේ නැහැ. ඒක මේ ඊයේ පෙරේදා ආපු ආගමික අන්තවාදී සංකේතයක්. ඒ නිසා එක් අපි අනිවාර්යෙන්ම තහනම් කරනවා. ඒ වගේම තමයි මද්රසා පාසල් , මද්රසා පාසල් තිබෙනවා 2000කට වඩා අපි රටේ…

    අපේ රටේ කාටවත් පුළුවන් කමක් නැහැ අපි පාසලක් විවෘත කරලා අපිට ඕනේ ඕනි දේවල් ඒ පාසලේ දරුවන්ට උගන්වන්න. අවුරුදු පහේ සිට අවුරුදු 16 දක්වා සියලූ දරුවෝ මේ රටේ ඉපදුන ජාතික ප්රතිපත්තියක් අනුව තමයි අධ්යාපනය කරන්න ඕනි. ඒක නිසා ජාතික අධ්යාපන ප්රතිපත්තියක් අනුව නොකරන ලියාපදිංචි නොවිච්ච 1000 කට වඩා තිබිණ මද්රසා පාසල් හෙට අනිද්දා අපි තහනම් කරන්නට අවශ්යයෙන්ම කටයුතු කරනවා.”

    Last modified on සෙනසුරාදා, 13 මාර්තු 2021 19:58

    Latest News