මාධ්‍ය ක්‍ෂේත්‍රයේ නායකත්වය ගත් නිසා ජාතික රූපවාහිනියට ප්‍රසාදය

ජන 31, 2019

    ජාතික වැදගත්කමින් යුත් අවස්ථාවල දී මාධ්‍ය ක්‍ෂේත්‍රයේ නායකත්වය ගැනීම පිළිබඳ ජාතික රූපවාහිනියට ප්‍රසාදය පළ කෙරිණ.

     

    ඩෙංගු වැනි ආපදා මෙන්ම, මාර්ග අනතුරු අවම කිරීම සඳහා ජාතික රූපවාහිනියේ ක්‍රියාමාර්ග මෙහිදී විශේෂ ඇගයීමකට ලක්වූයේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදීය.

    “ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංගමය “ සමාජ වෙනස සඳහා විකාශනය, අභියෝග හා අවස්ථා“ මැයෙන් සමුළුවක් අද සංවිධාන කළේය. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ මාධ්‍ය ආයතන රැසක නියෝජිතයන් මේ අවස්ථාවට එක්වූහ.

    මාධ්‍ය ක්‍ෂේත්‍රයට අදාළ ස්වාධීන හා නිදහස් ආයතනයක් නිර්මාණය කිරීම මෙහි ප්‍රමුඛ අරමුණයි. සමුළුවේ ප්‍රධාන දේශනය පවත්වමින්, තායිලන්ත මහජන විකාශන සේවාවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල් පිපෝපෙ පනිච්පක්ඩි මහතා කියා සිටියේ, මෙරට මාධ්‍ය ක්‍ෂේත්‍රයේ සිදුකරන ප්‍රතිසංස්කරණ පිළිබඳව ප්‍රසාදය පළ කරන බවයි.

    විකාශනයේ දී සමාජ වගකීම, ව්‍යුහාත්මක ක්‍රියාමාර්ග හා ඉදිරි දැක්ම පිළිබඳ මෙහිදී සාකච්ජාවට ලක් කෙරිණ.

     

     

     

     

     

     

     

     

    Latest News