හෙද-අධ්‍යාපන පත්වීම් ලිපි ප්‍රදානය කෙරේ

ජන 31, 2019

    හෙද සේවයට 1608 දෙනෙකු බඳවා  ගැනේ.

    ඒ මානව සම්පත ඉහළ නංවා ගුණාත්මක සෞඛ්‍ය සේවයක් බිහි කිරීමේ අරමුණින්. ඩිප්ලෝමා සහ පත්වීම් ලිපි ප්‍රදානය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

    උත්සවය පැවැත්වුණේ අරලියගහ මන්දිරයේදී. තෙවසරක පුහුණුව නිම කළ හෙද-හෙදියන් දිවයිනේ රෝහල් කිහිපයකට අනුයුක්ත කෙරිණ. සෞඛ්‍ය සේවයේ පුරප්පාඩු 4089ක් පවතී. එහෙත්, දැනට සේවය කරන්නේ 35,136 දෙනෙක් පමණි.

    ඒ අනුව හෙද-හෙදියන් 5000ක පමණ අඩුවක් පවතී. මෙවර හෙද සිසු-සිසුවියන් බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවා තිබුණේ ඔන්ලයින් ක්‍රමයටයි.

    Akila px 900 31 01 19

    මේ අතර “දහතුන් වසරක සහතික කරන ලද“ අධ්‍යාපන වැඩසටහන යටතේ ජාතික හා පළාත් පාසල්වල උසස් පෙළ වෘත්තිය විෂයයන් සඳහා උපාධිධාරීන් බඳවා ගැණින. ඔවුන්ට පත්වීම් අද ප්‍රදානය කෙරුණේ අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන්.

    එහිදී එකසිය විසි දෙදෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කෙරිණ.

    Last modified on බ්‍රහස්පතින්දා, 31 ජනවාරි 2019 18:20

    Latest News