පලාත් සභා ඡන්දයට නීතිය හදන්න - පා.ම. සේමසිංහ

ජන 31, 2019

    වර්තමාන රජයට මැතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් කිසිදු විශ්වාසයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ‍ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

    මැතිවරණ කොමිෂමේ සභාපතිවරයා ඉල්ලා අස්වෙන බවට කරපු ප‍්‍රකාශය සම්බන්ධයෙන් එකඟතාවක් නොමැති බව අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු කියා සිටියේය.

    ෂෙහාන් සේමසිංහ මහතා -“ ස්වාධීනයි කියන මැතිවරණ කොමිෂමට කිසිසේත් මැතිවරණය පවත්වන වකවානුවක් ප‍්‍රකාශයට පත්කරන්නත්, මැතිවරණයක් පවත්වන්නටත් බැරිබව නේද මේ කියන්නේ? මැතිවරණය තියන්න අවශ්‍ය නිතිමය පදනම පාර්ලිමේන්තුවේ හදන්න ඉඩ නොදෙන්නයි මේ අයගේ සූදානම. වජිර අබේවර්ධන මහතාත් 2015 ජනවරමට අනුව මැතිවරණ පවත්වන බව ප‍්‍රකාශ කරලා තියෙනවා. ආණ්ඩුවට මැතිවරණ කල් දාන්න ජනතාව වරමක් ලබාදීලා නැහැ. මේවසරේ විසුරවීමට නියමිත පළාත් සභාවලත් මැතිවරණය තියන්න. ආණ්ඩුව ජනාධිපතිවරණයක් ගැන කතා කරමින් ඉන්නවා. ඒක නීත්‍යාණුකූලව මේ වසරේදී පැවැත්වෙයි. අපි කියන්නේ ජනාධිපතිවරණය පැවැත්වීම වගේම පළාත් සභා මැතිවරණය පැවැත්වීමත් අවශ්‍යයි. එක පැත්තකින් ව්‍යවස්ථාව ගෙනත් මැතිවරණ කල්දාන අතරේ මොන බලපෑම ආවත් අපි කරන දේ කරනවා කියන පණිවිඩයයි ආණ්ඩුව රටට දෙන්නේ.

    එක්නැලිගොඩ හා ලසන්ත වික‍්‍රමතුංග ඝාතන මේ ආණ්ඩුව නැවතත් කරළියට ගෙනත්. එක්සත් ජාතීන්ගේ සංවිධානයට ගිහින් මාධ්‍යවේදින් කණ්ඩායමක් ලෙස පෙනී සිටි පිරිසක් මේ අයගේ ඝාතන සම්බන්ධයෙන් හෙළිදරව් කරන්න කියලා ඉල්ලීමක් කළා. අපි ඔවුන්ටත් කියනවා ඔබව විවේඡනය කරද්දි සුදු මාධ්‍ය ලෙස මාධ්‍ය ආරක්ෂා කරන කණ්ඩායමක් ලෙස පෙනී සිටියාද? නැහැ යැයි ඔහු කියා සිටියේය.

     

     

     

     

     

     

     

     

     

     

    Latest News