ජනාධිපතිතුමා පරිසර සුරක්‍ෂාව, සංරක්‍ෂණය හා අලංකරණය ගැන කටයුතු කළේ, ජනාධිපති වීමට පෙර; පූජ්‍ය ඕමාරේ කස්සප

මාර් 30, 2021

    ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා පරිසර සුරක්‍ෂාව සංරක්‍ෂණය හා අලංකරණය පිළිබඳව කටයුතු කළේ, ජනාධිපති ධූරයට පත්වීමටත් පෙර සිට බව, සියම් මහ නිකායේ ශ්‍රී රෝහණ සංඝ සභාවේ අනුනායක තුන් හෙළ ජාතික ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය ඕමාරේ කස්සප හිමියන් පවසයි.

    උන්වහන්සේ පෙන්වා දෙන්නේ, ජනාධිපතිතුමාට අපහාස කිරීමේ අරමුණින් විවිධ පාර්ශ්ව සාවද්‍ය මත ගෙන යමින් සිටින බවයි. මෙරට වන විනාශය යැයි පවසා, වෙනත් රටවල වන විනාශ කිරීම් පිළිබඳ ජායාරූප විවිධ මාධ්‍ය ඔස්සේ පළ කෙරෙන බව, උන්වහන්සේ පවසයි.

    උන් වහන්සේ මේ අදහස් පළ කළේ, මැයි 22 දිවයින පුරා පැළ ලක්‍ෂයක් සිටුවීමේ රුක් රෝපණ වැඩසටහන පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවේදී. ඊට පූජ්‍ය අතපත්තුකන්දේ ආනන්ද හිමි සහ පූජ්‍ය ගල්පොතුකන්දේ වජිර හිමි ඇතුළු තුන් හෙළ ජාතික ව්‍යාපාරයේ සාමාජිකයින් සහභාගි වූහ.

    Latest News