කොළඹ බන්ධනාගාරවලට ආරක්ෂක කැමරා

අප්‍රේ 21, 2021

    කොළඹ බන්ධනාගාරවලට ආරක්ෂක කැමරා පද්ධති සවි කිරීම ඊයේ (20) සිට ආරම්භ කර ඇත.

    මේ යටතේ වැලිකඩ, කොළඹ රිමාන්ඩ්, මැගසින්, වැලිකඩ කාන්තා අංශය, බන්ධනාගාර රෝහල යන ආයතන පරිශ්‍රයන් සියල්ල ආවරණය වන පරිදි ආරක්ෂක කැමරා පද්ධති සවි කෙරේ.

    බන්ධනාගාර තුල හා ඉන් අයට පරිසර තුල සිදුවන අක්‍රමිකතා පිළිබඳ විමසිලිමත් වීම සඳහා මෙම ආරක්ෂක කැමරා පද්ධතියක් සවි කෙරෙන බන්ධනාගාර කොමසාරිස් (පාලන හා පුනරුත්ථාපන) බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා කියයි. මෙම ආරක්ෂක කැමරා පද්ධති එළඹෙන අගෝස්තු මස ට පෙර සවිකෙරෙන බවද ඒකනායක මහතා පවසයි.

    Latest News