කොරෝනා පාලනයට, සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දැඩි තීන්දු රැසක්

අප්‍රේ 21, 2021

    වර්ධනය වෙමින් පවතින, කොරෝනා වෛරසය පාලනය කිරීමට, සෞඛ්‍ය අමාත්‍යාංශය දැඩි තීන්දු රැසක් ගෙන තිබේ.

    රට තුළ වෛරසය නැවත පැතිරයාම වැළැක්වීම අරමුණයි.

    ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි කොවිඩ් මර්දනය සඳහා ක්‍රියාමාර්ග හා දැඩි තීන්දු තීරණ ගැනීමට, විශේෂ ක්‍රියාකාරි කාර්ය සාධක සමාලෝචන කමිටුව අද රැස්විය. ඒ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන්.

    •දැඩි සත්කාර ඒකක වල ඇදන් ධාරිතාවය වැඩි කිරීම, කොවිඩ් රෝගීන්ට අවශ්‍ය (high floor)හයි ෆ්ලෝ ඔක්සිජන් ලබා දීම.

    •දත්ත රැස් කිරීමේ ක්‍රමවේදය ශක්තිමත් කිරීම හා වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්යය මණ්ඩල සඳහා අවශ්‍ය පුද්ගල ආරක්ෂිත ඇදුම් වැඩිපුර ලබා දීම.

    •කොවිඩ් ආසාදිත බවට තහවුරු වූ රෝගීන්ගේ රෝගී තත්ත්වයන් අනුව වෙන් වෙන් වශයෙන් ඔවුන් සුදුසු රෝහල් වෙත යොමු කිරීමට සැළසුම් සකස් කිරීම.

    •ඉදිරියේ දී කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරිමට ප්‍රාදේශීය හා දිස්ත්‍රික් මට්ටමින් තව තවත් රෝහල් හදුනා ගැනීම සහ ඒවාට අවශ්‍ය වෛද්‍ය පහසුකම් සැපයීම.

    •කොවිඩ් රෝගීන් සදහා ප්‍රතිකාර සේවාවන් පවත්වාගෙන යන අතර තුර දෛනිකව අනෙකුත් රෝග සදහා ද රෝහල්ගත වන රෝගීන්ට ලබාදෙනු ලබන බාහිර හා නේවාසික ප්‍රතිකාර සේවාවන් සහ ශල්යෝකර්ම ශක්තිමත්ව පවත්වාගෙන යාම.

    •PCR පරීක්ෂණ සංඛ්‍යාව අවම වශයෙන් දිනකට 15,000 ක් දක්වා වැඩි කිරීම.

    •නිරෝධායනය නීතිසැමට දැඩි ලෙස ක්‍රියාත්මක කිරීම, නිරෝධායන නීති කඩකරන්නන්ට දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කර දඩුවම් ලබා දීම.

    •විදේශයන්හි සිට පැමිණෙන අය සඳහා විශේෂිත නිරෝධායන නීති සකස් කිරීම.

    යන කරුණු පිළිබඳව මෙම සාකච්ජාවේදී තීරණ රැසක් ගන්නා ලදී.

    මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය, සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් සංජීව මුණසිංහ මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා, අතිරේක ලේකම්වරුන් සහ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරුන්, විශේෂඥ වෛද්‍යවරුන් ඇතුලු නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.

    Latest News