මාලේ ජාත්‍යන්තර ගුවන්තොටුපලේ සිටින ශ්‍රී ලංකන් ගුවන් යානා ඉංජිනේරු කණ්ඩායම මේ වන විට හානියට පත් කොටස් ප්‍රතිස්ථාපනය කර යානය නැවත සේවයට එක්කිරීමට කටයුතු කරමින් සිටින බව ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනය කරයි.
මාලදිවයිනේ ජාත්‍යන්තර ගුවන්තොටුපලේ නවතා තිබූ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL116 දරණ ගුවන් යානයේ භූමි මෙහෙයුම් ආධාරක වාහනයක් ගැටීමෙන් එම යානයේ පිටුපස කොටසට (tail section stabilizer) අලාභහානි සිදුව තිබේ.