කොරෝනා වෛරසය විනාශ කරන ලොව ප්‍රථම මුව ආවරණය හෙට (28) සිට වෙළෙඳ පොළට.....

අප්‍රේ 27, 2021

    කොරෝනා වෛරසය විනාශ කරන ලොව ප්‍රථම මුව ආවරණය හෙට (28) සිට වෙළෙඳ පොළට නිකුත් කරන බව, වෙළෙඳ අමාත්‍යාංශය පවසයි.

    එය, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සොයා ගැනීමක්. මෙම මුව ආවරණය ස්තර තුනකින් සමන්විතයි. කොරෝනා වෛරසය ශරීරය තුළට ඇතුළුවීම වැළැක්වීමටත්, ආවරණයට ඇතුළුවන වෛරස විනාශ කිරීමටත් මීට හැකියාව පවතී.

    25ස් වතාවක් සෝදා මාස 02ක් පමණ භාවිත කිරීමේ හැකියාව ද නව මුහුණු ආවරණය සතුයි. මෙම නිෂ්පාදනයේ පේටන්ට් බලපත්‍රය පේරාදෙණිය විශ්වවිද්‍යාලය සතුවන අතර, නිෂ්පාදනය සරසවි ටෙක්ස්ටයිල්ස් වෙතින් ද බෙදා හරිනු ලබයි. ඒ, රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාව විසින්.

    මුහුණු ආවරණය අන්තර්ජාතික වෙළෙඳපොළට නිකුත් කිරීමට අවශ්‍ය නිර්දේශ ලබාගැනීම සඳහා එක්සත් ජනපදනයේ ඉම්පීරියල් කොලේජ් හවුස් වෙත යොමුකර තිබේ.

    Last modified on අඟහරුවාදා, 27 අප්‍රේල් 2021 20:07

    Latest News