SLFP එකට තවත් සංවිධායකයින් පිරිසක්

පෙබ 05, 2019

    පුත්තලම සහ අනුරාධපුර දිස්ත්‍රික්කයට නව ආසන සංවිධායකවරු සහ දිස්ත්‍රික් සංවිධායකවරුන් පත් කර තිබේ.

    ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඔවුන්ට අද පත්වීම් ලිපි පිරිනැමුවේය. ඒ පාර්ලිමේන්තුවේ පිහිටි ජනාධිපතිතුමාගේ කාර්යාලයේ දිය. 

    ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ කලාවැව ආසන සංවිධායක - දුමින්ද දිසානායක 
    හොරොව්පතාන ආසන සංවිධායක - වීරකුමාර දිසානායක 
    මැදවච්චිය ආසන සංවිධායක - තිස්ස කරල්ලියද්ද 
    බටහිර අනුරාධපුර ආසන සංවිධායක - ඩබ්.බී. ඒකනායක 
    මිහින්තලය ආසන සංවිධායක ඩබ්.කේ. ඉලංගසිංහ මහතා
    නැගෙනහිර අනුරාධපුර සංවිධායකවරුන් ප්‍රේමසිරි හෙට්ටිආරච්චි සහ ඞී.පී. බන්දුසේන 
    කැකිරාව ආසන සංවිධායක - රොහාන් ජයකොඩි 

    ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් නව සංවිධායකවරු - පී. බී. දිසානායක, එම්. හේරත් බණ්ඩා, එම්. ආර්. බී. ඥාණතිලක යන මහත්වරුන් පත් කර ඇත.

    ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ පුත්තලම දිස්ත්‍රික් නායක ලෙස දයාශ‍්‍රීත තිසේරා මහතා පත් කර තිබේ.

     

     

     

    Latest News