කිරුළපන ජනතාවට සයිනොෆාම් එන්නත ලබාදීම අද ඇරඹේ

මැයි 09, 2021

    චීන රජයේ ප්‍රදානයක් ලෙස හිමි වූ සයිනොෆාම් එන්නත කිරුළපන ප්‍රදේශයේ ජනතාවට අද දිනයේ ලබාදීම සිදුකරන බව, 'කොවිඩ් 19' පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ, ප්‍රධානි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    ඒ අනූව එන්නත්කරණ ක්‍රියාවලිය, දැනට පසුගිය දින 14ක කාලය පුරාවට වැඩිපුර කොවිඩ් ආසාදිතයින් හමුවූ බස්නාහිර පළාතේ ගම්පහ,කළුතර,කොළඹ දිස්ත්‍රික්ක ඉලක්ක කරගනිමින් සිදුකිරීමට බලාපොරොත්තු වන බවයි, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

    පානදුර,මට්ටමක්කුලිය හා ජින්තුපිටිය යන නගරසභා සීමාවල දී ජනතාවට ලබාදීම ඊයේ සිදුකෙරුණු බව, ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    Latest News