සංචරණ සීමා පනවන කාලයේ ආර්ථික මධ්‍යස්ථාන වසා තැබේ

මැයි 19, 2021

    රට පුරා සම්පූර්ණ සංචරණ සීමා පනවනු ලබන කාල සීමාවේ දී සියලු ආර්ථික මධ්‍යස්ථාන වසා තබන බව කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනය කරයි.

    ඒ අනූව මැයි 21 වැනි දින සිට මැයි 24 වැනි දින දක්වා ද නැවත මැයි 26 වැනි දින සිට මැයි 28 වැනි දින දක්වා ආර්ථික මධ්‍යස්ථාන වසා තැබේ. 

    මැයි 25 වැනි දින පෙ.ව 4.00 සිට සියලුම ආර්ථික මධ්‍යස්ථාන සහ පෑලියගොඩ මැනිං වෙළෙඳ පොළ විවෘත කරන බව ද කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

    Latest News