ජාතික අක්ෂි රෝහලේ සේවාවන් සීමා කෙරේ

මැයි 20, 2021

    අක්ෂි රෝගයන්ට ප්‍රතිකාර ලබා ගැනීමට ආසන්නතම රජයේ රෝහලක අක්ෂි සායනය වෙත යොමු වන ලෙස ජාතික අක්ෂි රෝහල ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

    ශ්‍රී ලංකා ජාතික අක්ෂි රෝහල පිහිටා ඇත්තේ 'කොවිඩ් 19' වෛරස ව්‍යාප්තියේ අධි අවධානම් කලාපයක් තුළ බැවින් හදිසි අත්‍යවශ්‍යම සේවාවන් සඳහා පමණක් රෝගීන්ට ජාතික අක්ෂි රෝහලට පැමිණෙන ලෙසත්, ප්‍රතිකාර ගැනීමට පැමිණීමේදී සෞඛ්‍ය නීති උපදෙස්වලට උපරිමව අනුගතවී ක්‍රියා කළ යුතු බවත් දන්වයි.

    එහිදී පහත දුරකථන අංක අමතා දිනයක් සහ වේලාවක් වෙන් කරවා ගෙන පැමිණීම අනිවාර්ය බව ජාතික අක්ෂි රෝහල නිවේදනයක් නිකුත් කර සඳහන් කරයි. 

    Eyehospital

     

    Latest News