අද (20) සිට සියළුම ගිලන් රථ, අධිවේගී මාර්ග ගාස්තුවෙන් නිදහස්....

මැයි 20, 2021

    රටේ පවතින කොවිඩි වසංගත තත්ත්වය හමුවේ අධිවේගී මාර්ග භාවිතා කරන සියළුම ගිලන් රථ සදහා අද (20) සිට නැවත දැනුම් දෙන තුරු අධිවේගී මාර්ග ගාස්තුවෙන් නිදහස් කරන ලෙස අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩබ්.ආර්. පේමසිරි මහතාට උපදෙස් ලබා දෙන ලදී.

    ඒ අනුව අද සිට අධිවේගී මාර්ග වල ගමන් ගන්නා සියළුම ගිලන් රථවලින් ගාස්තු අය නොකෙරේ. අධිවේගී මාර්ගවල ගාස්තු රහිතව ගමන් කල හැක්කේ ඕනෑම රජයක ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට පමණි.

    නමුත් රටේ මේ වන විට පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන ජනතාව වෙනුවෙන් අධිවේගී මාර්ගවල ගමන් ගන්නා සියළුම ගිලන් රථ ගාස්තුවලින් නිදහස් කිරීමේ තීරණය ගත් බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

    Latest News