චීන කොමියුනිස්ට් පක්‍ෂයේ 100 වැනි සංවත්සරය අගමැතිතුමා අමතයි

ජූනි 15, 2021

    චීන කොමියුනිස්ට් පක්‍ෂයේ සහ වාමාංශික ව්‍යාපාරයේ සහයෝගය හේතුවෙන් ශ්‍රී ලංකාවට නොබැඳි ජාතියක් ලෙස ස්වාධීනව ලෝකය ඉදිරියේ නැගී සිටීමට හැකි වූ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

    චීන කොමියුනිස්ට් පක්‍ෂයේ 100 වැනි සංවත්සරය අමතමින්, අග්‍රාමාත්‍යතුමා මේ බව සඳහන් කළේය. අග්‍රාමාත්‍යතුමා, අරලියගහ මන්දිරයේ සිට අද එම සංවත්සරය අමතනු ලැබුවේ වීඩියෝ තාක්‍ෂණය ඔස්සේයි.

    චීනය සහ ශ්‍රී ලංකාව අතර ඓතිහාසික මිත්‍රත්වය හේතුවෙන් චීන කොමියුනිස්ට් පක්‍ෂය මෙරටට සෑම අවස්ථාවකම සහය ලබාදෙන බව මහින්ද රාජපක්‍ෂ මහතා මෙහිදී කියා සිටියේය.

    Latest News