නෞකාවෙන් දැවිතෙල් කාන්දුවක් සිදුව නැතැයි අවධාරණය කෙරේ

ජූනි 15, 2021

    එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් කිසිදු තෙල් කාන්දුවක් සිදුව නැතැයි රජය අවධාරණය කරයි.

    ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (15) සවස පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා මේ බව කියා සිටියේය. ජනතාව අතර, කතාබහට ලක්ව ඇති නෞකා අනතුර සම්බන්ධව වන්දි ලබාගැනීම පිළිබඳ උපදෙස් ලබාගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ උපදේශකවරුන් තිදෙනෙකු දිවයිනට පැමිණෙන බව ද ප්‍රකාශ කෙරිණ.

    අනතුරට පත් නෞකාව අයහපත් කාලගුණය පහව යාමෙන් පසු කොටස් වශයෙන් ඉවත් කිරීමට නියමිතයි.

    Latest News