සංචරණ සීමා හෙට (21) ලිහිල් කෙරේ.

ජූනි 20, 2021

    සංචරණ සීමා හෙට (21) අලුයම 4.00ට ලිහිල් කෙරේ.

    සීමාවන්ට යටත්ව රට හෙට විවෘත කෙරෙන බව පොලිසිය සඳහන් කළේය. සංචරණ සීමා ඉවත් කෙරුණ ද කාර්යාල සඳහා ගෙන්වා ගත හැක්කේ අවම සේවක සංඛ්‍යාවක් පමණි. නි‍වසේ සිට රාජකාරී කිරීමට හැකියාවක් ඇති පිරිස් සේවා සඳහා යොදා ගත හැකිය.

    පොදු ප්‍රවාහන සේවාවලදී ආසන සංඛ්‍යාවට පමණක් මගීන් ගෙන යා හැකි අතර, සෑම පුද්ගලයෙකුම මුව ආවරණ පැළඳ සිටීම අනිවාර්ය වේ. නිරෝධානයට අදාළ අනෙකුත් නියෝග ද එලෙසම පිළිපැදිය යුතු අතර, පළාත් අතර සංචරණ සීමා තවදුරටත් ක්‍රියාත්මකයි.

    ඒ අනුව, පළාත් හරහා ගමන් කළ හැක්කේ සුවිශේෂ කරුණක් සඳහා පමණි. සාද, විනෝද ගමන්, චාරිකා, වන්දනා ගමන් ආදිය සඳහා අවසර හිමි නොවන අතර, පොදු ස්ථානවල සමූහයක් ලෙස ගැවසීම ද නොකළ යුතුය.

    Latest News