අධ්‍යාපනය නැංවීමට 2019 අය-වැයෙන් ප්‍රමුඛත්මය

පෙබ 08, 2019

    රටේ ආර්ථිකය ගොඩනැඟීමට අධ්‍යාපනය සහ යටිතල පහසුකම් වඩාත් ශක්තිමත් කළ යුතු බව, ප්‍රමුඛ පෙළ ව්‍යාපාරිකයන් පිරිසක් අවධාරණය කරයි.

    මෙවර අය-වැයෙන් ද ඒ පිළිබඳව ද අවධානය යොමු කිරිම රටේ අනාගතයට ධනාත්මක සාධකයක් වන බව ඔවුන් පවසති. එහිදී අදහස් දැක්වූ ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා
    ළමයින් තුන්ලක්ෂ හැටදාහක් ඉපදෙනවා. අපේ ප්‍රතිපත්තිය විය යුත්තේ ළමුන්ගෙන් සියයට 50ක් විශ්වවිද්‍යාල වෙත යොමු කිරීමයි.

    දුප්පත්කම ඉගෙනීමට බාධාවක් නොවිය යුතුයි. එක්ලක්ෂ අසූදාහක සිසුන් පිරිසක් විශ්වවිද්‍යාල වෙත යොමු කිරීම අපේ අරමුණ විය යුතුයි. ළමුන්ගේ හැකියාව දෙගුණ කරන්නේ නැතුව මේ රට දියුණු කළ නොහැකියි. ළමුන් එක්ලක්‍ෂ විසිදාහක් වෙනුවෙන් විශ්වවිද්‍යාල පද්ධතිය කඩිනමින් වැඩිදියුණු කළ යුතු බවයි ධම්මික පෙරේරා මහතා කියා සිටියේ.

    Last modified on සිකුරාදා, 08 පෙබරවාරි 2019 20:42

    Latest News