එන්නත්කරණය අදත් සාර්ථකව ක්‍රියාත්මකයි

ජූනි 28, 2021

    කොවිඩ් ප්‍රතිශක්ති එන්නත්කරණය දිස්ත්‍රික්ක රැසක අදත් සාර්ථකව ක්‍රියාත්මකයි.

    ජනතාවට ඊයේ එන්නත් මාත්‍රා 49,703ක් ලබාදී තිබේ. කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ මෙරට ජනතාවට මේ දක්වා ලබාදී ඇති එන්නත් මාත්‍රා සංඛ්‍යාව 35 ලක්‍ෂ 6,077ක්. කොවිෂීල්ඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව ඊයේ 31 දෙනෙකුට ලබාදී තිබේ. සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ඊයේ ලබාදුන් පිරිසට 29,327 දෙනෙකු ඇතුළත්.


    එහි දෙවැනි මාත්‍රාව ඊයේ 20,345කට ලබාදුන් බව සෞඛ්‍ය අංශ පවසයි. කොළඹ දිස්ත්‍රික්කයේ අවුරුදු 70ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාදීම අද සිට ක්‍රියාත්මකයි.

    එන්නත්කරණය අදත් සාර්ථකව ක්‍රියාත්මකයි.

    Latest News