එජාපයට නව ආසන සංවිධායකවරු 6ක්; රූකාන්තට දඹදෙණිය (ඡායාරූප)

පෙබ 11, 2019

    එක්සත් ජාතික පක්ෂයේ නව ආසන සංවිධායකවරු 6 දෙනෙක් අග්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ අතින් පත්වීම් ලබා ගත් අතර එම අවස්ථාව අරලියගහ මන්දිරයේ අද(11) පැවති උත්සවයකදී සිදු කෙරිණ.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ආසන සංවිධායකවරුන් දෙදෙනෙකු ද මෙම නව සංවිධායකධූරවලට පත්කර ඇත.

    ඒ අනුව ශ්‍රි ලංකා නිදහස් පක්ෂ අරණායක ආසන සංවිධායක හිටපු සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානයක මහතා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබාගනිමින් එ.ජා.ප. අරණායක සංවිධායක ලෙස පත්වීම් ලබා ගෙන ඇත. තවද පළාත් සභා හිටපු අමාත්‍යවරයකු සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සෙංකඩගල ආසන සංවිධායක තිලිණ බන්ඩාර තෙන්නකෝන් මහතා එක්සත් ජාතික පක්ෂයේ පාතදුම්බර ආසන සංවිධායක ලෙස ද පත්කර තිබේ.

    ජනප‍්‍රිය ගායන ශිල්පී රූකාන්ත ගුණතිලක මහතා දඹදෙණිය ආසන සංවිධායක ලෙසත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී කාවින්ද ජයවර්ධන මහතා මීගමුව ආසන සංවිධායක ලෙසත් පත්කරනු ලැබ ඇත.

    මංජුල බණ්ඩාර මහතා වාරියපොල ආසන සංවිධායක ලෙසත් උදය විජේනායක මහතා හිරියාල ආසන සංවිධායක ලෙසත් පත් කර ඇත.

    මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම්, අමාත්‍යවරුන් වන සාගල රත්නායක, මලික් සමරවික‍්‍රම යන මහත්වරුන් ඇතුලූ පිරිසක් එක්ව තිබේ.

    unp1

    unp2

    unp3

    unp4

    unp5

    unp6

    unp7

    Last modified on සදුදා, 11 පෙබරවාරි 2019 16:12

    Latest News