ජෙලට්නයිට් කූරු සමඟ සැකකරුවකු අත්අඩංගුවට

පෙබ 11, 2019

    මන්නාරම, සවුත් බාර් ප්‍රදේශයේදී ජෙලට්නයිට් කිලෝග්‍රෑම් 03 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවික සෙබලුන් සහ මන්නාරම, පොලිස් නිලධාරීන් එක්ව සිදු කළ සෝදිසි කිරීමකදී මෙම ජෙලට්නයිට් තොගය අත්අඩංගුවට ගෙන ඇත. එහිදී අඟල් 03 ක් දිගැති ආරක්‍ෂිත වෙඩි නුල් 19 ක්, විද්‍යුත් නොවන ඩෙටනේටර් 19 ක් සොයා ගෙන තිබේ. ඒවා මන්නාරමේ සිට සවුත්බාර් ප්‍රදේශය දක්වා යතුරු පැදියකින් ප්‍රවාහනය කරමින් සිටියදි අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.

    පසුගිය දින කිහිපය තුල මෙවැනි පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීමට නාවික හමුදාව සමත් වූ අතර, එම පුපුරණ ද්‍රව්‍ය භාවිතා කර මසුන් ඇල්ලීමෙන් වෙන්නට ගිය පාරිසරික හානි මැඩලීමට නාවික හමුදාවට හැකි වි ඇත.

    Latest News