වත්තලට පැය 24ක ජල කප්පාදුවක්

අගෝ 03, 2021

    වත්තල ප්‍රදේශ කිහිපයකට අද (03) උදෑසන 10.00 සිට පැය 24 ක්, ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.

    වත්තල – මීගමුව පාරේ කොටසකට, මාබෝල කොටසකට, වැලිකඩමුල්ල, හැඳල පාර නායකකන්ද හන්දිය දක්වා සියලුම අතුරු මාර්ග , අල්විස් ටවුම , මරදාන පාර , පුවක්වත්ත පාර, ගලගහදූව සහ කෙරවලපිටිය කොටසකට එලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.

    හැඳල පාලම හරහා ජලනළ එළීම සහ ප්‍රධාන නළ මාර්ගයට සම්බන්ධ කිරීමේ කටයුතු ජල සැපයුම අත්හිටුවීමට හේතුවී තිබේ.

    Latest News