කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තාගත ලෙස ඉහළයයි

සැප් 01, 2021

    අද (01) දිනය නිමාවන විට කොළඹ කොටස් වෙළෙඳපොලෙහි "සියලු කොටස් මිල දර්ශකය" ඒකක 9,000 සීමාව ඉක්මවා තිබුණි.

    දිනය නිමා වනවිට එය දැක්වූයේ 9,163.13ක් ලෙසය. ඒ අනුව කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ "සියලු කොටස් මිල දර්ශකය" ඒකක 9,000 සීමාව ඉක්මවා දිනයේ ගනුදෙනු අවසන් කළ පළමු අවස්ථාව මෙය වෙයි.

    අද දිනය තුළදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 165.53කින් ඉහළ ගිය අතර S&P SL20 දර්ශකය ඒකක 75.91කින් ඉහළ ගියේය. දෛනික පිරිවැටුම සටහන් වූයේ රුපියල් බිලියන 14.6ක් ලෙසය.

    Latest News