මෙරට ප්‍රථම වරට නිෂ්පාදිත සේලයින්, රෝහල්වලට....(වීඩියෝ)

සැප් 06, 2021

    ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට නිෂ්පාදිත සේලයින් තොගය සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත අද බාරදෙනු ලැබීය.

    ඒ, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සමාගමේ සභාපති වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ මහතා විසින්. ඖෂධ නිෂ්පාදන සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා නිල වශයෙන් එම සේලයින් තොගය බාරගත්තේය.

    2012 වසරේ සිට ශ්‍රී ලංකාව තුළ සේලයින් නිෂ්පාදනයට කිහිපවරක් උත්සහ දැරූ නමුත් ඒවා සාර්ථක වූයේ නැහැ. ඊට පාර්ශ්ව 20ක් පමණ ඉදිරිපත් වුවත්, එම ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාමට බලධාරීන් අපොහොසත් වීම ඊට හේතුවයි.

    වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු, මහනුවර පල්ලෙකැලේ කර්මාන්ත උද්‍යානයේ පිහිටි නිෂ්පාදන සමාගමක් සමඟ රාජ්‍ය ඖෂධ සංස්ථාව ගිවිසුමකට එළඹීමෙන් මෙම සේලයින් නිෂ්පාදනය ආරම්භ කෙරිණ.

    තත්ව හා ප්‍රමිති සහතිකවලට යටත්ව අමාත්‍ය මණ්ඩල අනුමැතිය හා රාජ්‍ය ඖෂධ සංස්ථා ලේබලය යටතේ මෙහි සේලයින් නිෂ්පාදනය සිදු කෙරෙන බව, රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පහතා පවසයි. දැනට විවිධ හේතුමත ධාවනයෙන් ඉවත්කොට ඇති ගින් රථ කඩිනමින් අලුත්වැඩියා කොට සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදීමට ප්‍රවාහන අමාත්‍යාංශය ඉදිරිපත් වී තිබේ.

    එහි ප්‍රථම පියවර ලෙස ගිලන් රථ 10ක් අලුත්වැඩියා කිරීමට පියවර ගැණින. ඊට අදාළ සාකච්ජාවක් ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහ රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පැවැත්විණ.

    ප්‍රවාහන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ලක්දිව ඉංජිනේරු පුද්ගලික සමාගම මගින් ගිලන් රථ අලුත්වැඩියාව සිදු කෙරේ. කොවිඩ් වසංගතය හේතුවෙන් රෝගීන් හා මෘතදේහ ප්‍රවාහනය සඳහා ගිලන් රථවල අවශ්‍යතාව ඉතා ඉහළ ගොස් ඇති බව අමාත්‍යාංශය පවසයි.

    Last modified on සදුදා, 06 සැප්තැම්බර් 2021 21:15

    Latest News