ඒ පෑලියගොඩ පොලිස් අපරාධ විමර්ශන අංශය විසින්. තේ කිලෝ 584ක් සැකකරු සතුව තිබී සොයා ගැනිණ. දිගු කළක සිට ඔහු කැලණිය වනවාසල ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක පිහිටි නිවසක කසළ තේ බෙදා හැර ඇති බවයි, අනාවරණය වී ඇත්තේ.
වයස අවුරුදු 34ක් වන ඔහු පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. කසළ තේ බෙදා හැරීම සඳහා උපයෝගී කර ගත් තරාදියක් ද පොලිස් බාරයට ගැනිණ. කසළ තේ තොගය සමඟ සැකකරු අද අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.