තිදෙනෙකුට මරු කැඳවූ වවුනියා අනතුර (වීඩියෝ)

පෙබ 18, 2019
  • වවුනියාව සිට කොළඹ බලා ධාවනය වූ පුද්ගලික බස් රථයක් අද අලුයම 4.30ට පමණ මාරවිල, මහවැව හන්දිය අසළ දී අනතුරට ලක්වීමෙන් සිව් දෙනෙකු මියගොස් තිබේ.

    19 දෙනෙකු තුවාල ලබා මාරවිල මූලික රෝහලට ඇතුළත් කළ බවයි, වාර්තා වන්නේ. අධික වේගයෙන් ධාවනය කර ඇති බස් රථය වෙනත් වාහනයකට ඉස්සරකර යෑමේ දී මාර්ගයෙන් ඉවතට පැන අසළ පිහිටි ට්‍රාන්ස්පෝමර කණුවක ගැටී තිබේ.

    බස් රථයේ සිටි මගීන් කිහිප දෙනෙකු එහි සිරවී ඇති අතර, ඔවුන් බේරා ගැනීම සඳහා ප්‍රදේශවාසීන් දැඩි පරිශ්‍රමයක නිරත වන බවයි, අප වාර්තාකරු පවසන්නේ. බස් රථය එම ස්ථානයෙන් ඉවත් කිරීමට ප්‍රදේශවාසීන් හා පොලීසිය එක්ව මේ වන විට කටයුතු කරමින් සිටින අතර, තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව මීට වඩා වැඩිවිය හැකි බවයි, පොලීසිය පවසන්නේ.

    Last modified on සදුදා, 18 පෙබරවාරි 2019 20:28

    Latest News