නයිට්‍රජන් දියර පොහොර පළමු තොගය මෙරටට

ඔක් 20, 2021

    පරිසර හිතකාමී ඉන්දියාවේ නැනෝ නයිට්‍රජන් දියර පොහොර පළමු තොගය මෙරටට රැගෙනවිත් තිබේ.

    ඉන්දියාවේ හයිද්‍රාබාද් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට අද (20) අලුයම 12.25ට පමණ දියර පොහොර ලීටර් ලක්ෂයක තොගයක් කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන එනු ලැබුවේ, ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල් 1156 දරණ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයෙන්.

    නැනෝ නයිට්‍රජන් දියර පොහොර ලීටර් ලක්ෂ 31ක් මෙරටට ආනයනය කිරීම සඳහා ඇනවුම් කර ඇති අතර, ඉන් පළමු තොගය ලෙස මෙම ලීටර් ලක්ෂයක තොගය මෙරටට රැගෙනවිත් තිබේ.

    අදාළ පොහොර තොගය වත්තල, හුණුපිටිය කළම්බු කොමර්ෂල් පොහොර මධ්‍යම ගබඩාව වෙත රැගෙන යන බවයි, අප වාර්තාකරු පවසන්නේ.

    මෙම දියර පොහොර තොගය මහ කන්නයේ වී වගාව දැනටමත් ආරම්භ කර ඇති අම්පාර, මඩකලපුව සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ගොවිජන මධ්‍යස්ථාන හරහා ගොවීන්ට ලබා දීම අද (20) හා හෙට (21) සිට සිදුකෙරේ.

    කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ, මෙම සතිය තුළදී පමණක් නැනෝ නයිට්‍රජන් දියර පොහොර ලීටර් ලක්ෂ 05ක් ලංකාවට රැගෙන ඒමට සැලසුම් කර ඇති බවයි.

    පරිසර හිතකාමී කෘෂිකර්මයක් සඳහා වූ ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙළ යටතේ මෙවර මහ කන්නයේ වී ගොවිතැන හා අනෙකුත් බෝග සියල්ලට කාබනික පොහොර භාවිතා කිරීමට රජය ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණය අනුව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මකයි.

    Latest News