අග්‍රහාර රක්ෂණ ක්‍රමයේ ප්‍රතිලාභ පුළුල් කෙරේ

නොවැ 04, 2021

    විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන් සඳහා ක්‍රියාත්මක අග්‍රහාර රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ වූ ප්‍රතිලාභ පුළුල් කර තිබේ.

    ඒ අමාත්‍ය මණ්ඩල තීරණයකට අනූවයි. අග්‍රහාර රැකවරණ විශ්‍රාමික රක්ෂණ යෝජනා ක්‍රමය සංශෝධනය කරමින් නිකුත් කර ඇති නව රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය ඉකුත් පළමු වැනිදා සිට ක්‍රියාත්මකයි.

    එමඟින් දන්වා ඇති පරිදි 2016/1/01 දිනට පෙර විශ්‍රාව ලැබූ සියලුම රජයේ නිලධාරීන්ට අග්‍රහාර රැකවරණ රක්ෂණ ක්‍රමයේ ප්‍රතිලාභ හිමිවෙයි.

    ඒ අනූව රක්ෂණ යෝජනා ක්‍රමය රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවයට අයත් සියලුම විශ්‍රාමිකයින්ට අදාළ වෙයි. මෙමගින් වයස අවුරුදු 70ට අඩු විශ්‍රාමිකයෙකුගෙන් රුපියල් 400ක මාසික වාරික මුදලක් හා වයස අවුරුදු 70ට වැඩි විශ්‍රාමිකයෙකුගෙන් රුපියල් 600ක මාසික වාරික මුදලක් අය කෙරේ.

    ජීවිතාන්තය දක්වා ප්‍රතිලාභ හිමිවන මෙම රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ ඔවුන්ගෙන් කලත්‍රයාට අනත්දරුවන්ට හා ආබාධිත දරුවන්ට ප්‍රතිලාභ නිමිනොවේ.

    විශ්‍රාමිකයාගේ කලත්‍රයා දැනට රාජ්‍ය සේවයේ නිරත වන්නේ නම් රෝහල් ගතවීමක දී විශ්‍රාමිකයා මෙම රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ පමණක් හිමිකම් ඉල්ලුම් කළ යුතුයි.

    ජාතික රක්ෂණ භාර අරමුදල මගින් හඳුන්වා දී ඇති විශ්‍රාමිකයන් සඳහා වූ අයඳුම්පත්‍රය මෙම රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ විශ්‍රාමිකයන් විසින් ප්‍රතාලාභ ලබාගැනීම සඳහා භාවිත කළ යුතු අතර ඉල්ලුම් පත්‍ර සත්‍ය හා නිවැරදි බවට ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී මගින් සහතිකර කර රෝහලෙන් බැහැර වූ දින සිට දින 90ක් ඇතුළත අදාළ ලියකියවිලි සමග ජාතික රක්ෂණ භාර අරමුදල වෙත ඉදිරිපත් කළ යුතුයි.

    Latest News