'සුළු පිරිසකගේ හැසිරීම නිසා යළි කොවිඩ් රෝගීන් වාර්තාවීමේ අවදානමක්'

නොවැ 04, 2021

    සංචරණ සීමාවන් ලිහිල්වීමත් සමග සාමාන්‍ය ජනතාවගෙන් සුළු පිරිසක් හැසිරෙන ක්‍රමවේදයන් අනුව ඉදිරි කාලයේ දී රෝගීන් වැඩි වශයෙන් වාර්තාවීමට ඇති ප්‍රවණතාවය බැහැර කිරීමට නොහැකි බව, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    එම නිසා සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව කටයුතු කරන ලෙසයි, යුද හමුදාපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. 

    වැඩිදුරටත් අදහස් දැක්වූ යුද හමුදාපතිවරයා....

    "සංචරණ සීමාවන් මේ වන විට ලිහිල්වීමත් සමග සාමාන්‍ය ජනතාවගෙන් සුළු පිරිසක් හැසිරෙන ක්‍රමවේදයන් අනුව ඉදිරි කාලයේ දී රෝගීන් වැඩි වශයෙන් වාර්තාවීමට ඇති ප්‍රවණතාවය බැහැර කිරීමට නොහැකි. මේ පවතින තත්ත්වය යටතේ මේ වන විට මරණ 10 - 25ක් පමණ කොවිඩ් ආශ්‍රිතව දිනකට සිදුවෙනවා.

    ඒ වගේම කොවිඩ් ආශ්‍රිත රෝගීන් සොයාගැනීම් දිනකට 500ක් - 600ක් අතර ප්‍රමාණයක් සෑම දිනකම රට තුළ වාර්තා වෙනවා. විශේෂයෙන්ම බස්නාහිර පළාතට අයත් ගම්පහ, කොළඹ වැනි දිස්ත්‍රික්කවල කොවිඩ් ආසාදිතයින් 50කට වැඩි පිරිසක් සොයා ගනු ලැබුවා."

    Latest News