කාබනික පොහොර භාවිතයෙන් මහ කන්නයේ වී වගාව ඇරඹේ...

නොවැ 09, 2021

    අනුරාධපුරය,පොළොන්නරුව,මඩකලපුව හා වවුනියාව යන දිස්ත්‍රික්කවල ගොවීන් කාබනික පොහොර භාවිතයෙන් මහ කන්නයේ වී වගාව ආරම්භ කර තිබේ.

    මේ යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කාබනික වගාව ආරම්භ කෙරුණු කුඹුරු බිම් ප්‍රමාණය හෙක්ටයාර 42,500ක්. පසුගිය යල කන්නයේ අනුරාධපුරයේ හෙක්ටයාර අනූදහසක ‍පමණ කාබනික වී වගාව සාර්ථකව සිදු කෙරුණු බව එහි දිස්ත්‍රික් ගොවිජන සංවර්ධන නියෝජ්‍ය කොමසාරිස් චමින්ද ඒකනායක මහතා පවසයි.  

    පෙළොන්නරුව දිස්ත්‍රික්කයේ වී වගා කරන ගොවීන්ට රජය මගින් ඊට අවශ්‍ය කාබනික පොහොර පසුගියදා පිරිනැමුණා. ඒ අනූව ගිරිතලේ ගොවිජනපද ව්‍යාපාරයේ ගොවීන්ට දියර පොහොර ලීටර 17,500ක් ලබාදී තිබේ. ඒ පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.ඒ.ධර්මසිරි මහතාගේ සහභාගීත්වයෙන්.

    Latest News