වැස්සෙන් දුම්රිය ධාවනයට සීමා...

නොවැ 09, 2021

    පවතින වැසි සහිත කාලගුණයෙන් දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ.

    එහි වැඩිම බලපෑම් සිදුව ඇත්තේ, උඩරට දුම්රිය මාර්ගයටයි. කොටුව - බදුල්ල ප්‍රධාන මාර්ගයේ රඹුක්කන හා කඩිගමුව දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ ස්ථාන දෙකක් මේ වන විට නායයෑමට ලක්ව තිබේ. එමෙන්ම කඩිගමුව දුම්රිය ස්ථානයේ කොටසක් ද නායයෑමට ලක්ව ඇත.

    ඉහළ කෝට්ටේ හා බලන දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ කොටස් කිහිපයක් ද නායයෑමට ලක්ව ඇතැයි වාර්තා වේ. ඒ අනූව ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ සිට පොල්ගහවෙල දක්වා සීමා කරන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි. 

    මේ අතර, හලාවත සහ පුත්තලම අතර දුම්රිය ධාවනයටත් බාධා පැමිණ තිබේ.

    Latest News