මැදපෙරදිග රැකියා සඳහා රක්ෂණාවරණයක්...

නොවැ 21, 2021

    මැදපෙරදිග රැකියා සඳහා යන ශ්‍රමිකයන් වෙනුවෙන් රක්ෂණාවරණයක් ලබාදීම ලබන ජනවාරියේ සිට අනිවාර්ය කර තිබෙනවා.

    අදාළ හාම්පුතුන්, එක් ශ්‍රමිකයෙකු සඳහා අමෙරිකානු ඩොලර් පහළොස් දහසක රක්ෂණාවරණයක් ලබාගත යුතුයි. ඊයේ පාර්ලිමේන්තුවේ සභාව කල්තබන අවස්ථාවේ විවාදයට එක්වෙමින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මේ බව ප්‍රකාශ කළා.

    මේ අතර කොරියාව, ජපානය සහ ඊශ්‍රායලය යන රටවල් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ගෙන්වා ගැනීමට කැමැත්ත පළකර ඇතැයි, ද හෙළි කෙරුණා.

    Latest News