මත්ස්‍ය ආනයනයට සිමාවක් පැනවෙන හැඩක්

පෙබ 24, 2019

    මත්ස්‍ය ආනයනය සිමා කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට ධිවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා තීරණය කර තිබේ.

    දේශීය ධීවරයා සහ ධිවර කර්මාන්තය සුරක්‍ෂිත කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇත. ඒ අනුව මත්ස්‍ය අස්වැන්න ඉහල තත්වයක පවතින සැප්තැම්බර් සිට දෙසැම්බර් දක්වා මෙම ආනයන සිමා දැඩිව ක්‍රියාත්මක කෙරෙන බව ධිවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය පවසයි.

    මත්ස්‍ය සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන අසීමිත ලෙස ආනයනය කිරීම හේතුවෙන් දේශීය ධීවරයා ගැටළු රැසකට මුහුණ දී සිටින බව ධිවර සංගම් නියෝජිතයින් සහ කර්මාන්තයේ නිරත පිරිස් අවස්ථා ගණනාවකදීම පෙන්වා දි තිබිණ. 

    ප්‍රති අපනයන සහ විවිධ නිෂ්පාදන සදහා යැයි පවසමින් වාර්ෂිකව මත්ස්‍ය තොග ආනයනය කරන බව ඔවුන් මෙම හමුවේදි පෙන්වාදුනී. මෙ අනුව මෙම මත්ස්‍ය තොග දේශීය වෙළද පලේ අලෙවි කෙරේ. 2018 වසරේ මත්ස්‍ය මෙට්ට්‍රික් ටොන් 84463 ක් ආනයනය කර ඇති අතර ඒ සදහා රුපියල් මිලියන 32726 ක් වැය කර ඇත. කරවල, හාල් මැස්සන්, උබල කඩ, ටින් මාළු සහ සජීවී මසුන් සහ විසිතුරු මසුන් වර්ග මෙලෙස ආනයනය කර තිබේ.

    දේශීය ධීවරයා රැකගැනීමෙන් වැඩි මත්ස්‍ය අස්වැන්නක් නෙලාගැනීමටත් එමගින් රටේ මත්ස්‍ය අවශ්‍යතාව සපුරා විදේශ විනිමය ඉතිරි කර ගැනීම  උත්සහය බව රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසියිය.

    Latest News