අගමැතිතුමා රාමඤ්ඤ මහනාහිමි බැහැදකී

පෙබ 24, 2019

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පස්වරුවේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ මහනායක අග්ගමහා පණ්ඩිත, අතිපුජ්‍ය නාපානේ පේමසිරි මහ නාහිමියන් බැහැදුටුවේය.

    එය, මැණික්හින්න, හුරිකඩුව-ශ්‍රී විද්‍යා සාගර පිරිවෙන් විහාරස්ථානයේදී සිදුවිය. ඉකුත් දිනවල ගිලන් වී සිටි අතිපූජ්‍ය නාපානේ පේමසිරි මහ නාහිමියන් බැහැදුටු අග්‍රාමාත්‍යතුමා, උන් වහන්සේගේ සුවදුක් විමසා බැලීය. බුද්ධ ශාසනයේ දියුණුව සම්බන්ධයෙන් ද එහිදී සාකච්ජා කළ බව අප වාර්තාකරු පවසයි.

    “මේ අවස්ථාවේ උන් වහන්සේ මුණගැහිලා අපේ වැඩසටහන් ගැන කතා කළා. අපි බලාපොරොත්තු වන්නේ රට ශක්තිමත් කරන්න. ආර්ථික වශයෙන්, ඒ වගේම අධ්‍යාත්මික වශයෙන්, බුද්ධ ශාසනයේ වැඩ කටයුතු ගැන අපි මහනායක ස්වාමීන් වහන්සේගෙන් අදහස් ලබාගත්තා“ යැයි අග්‍රාමාත්‍යවරයා පැවසීය.

    Last modified on ඉරිදා, 24 පෙබරවාරි 2019 16:52

    Latest News