නීති විරෝධි සිගරට් දැලේ

පෙබ 24, 2019

    විදේශීය රටවල නිෂ්පාදිත සිගරට්, නීති විරෝධී ලෙස අලෙවි කරමින් සිටි, කල්පිටිය නගරයේ සුපිරි වෙළදසැල් හිමියෙකු, සිගරට් 900 ක් ද සමගින්, කල්පිටිය පොලිසිය විසින් ඊයේ (23) සවස අත්අඩංගුවට ගෙන ඇත.

    අත්අඩංගුවට පත් විදේශීය සිගරට් ඉතා ඉහළ මිළ ගණන්වලට, (එකක් රුපියල් 2000/=) කල්පිටියේ විදේශීය සංචාරකයින්ට අලෙවි කරන බව ප්‍රශ්න කිරීම්වලදී අණාවරණය වූ බැව් කල්පිටිය පොලිසිය පවසයි. නිතර විදේශ ගතවන පිරිසක් සංවිධානාත්මකව, තීරු බදු රහිතව වංචනික ලෙස මිලට ගන්නා සිගරට් මෙම අලෙවිකරුවන්ට සපයන බැව් පරීක්ෂණ මෙහෙයවන කල්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලක්ෂ්මන් රංවලආරච්චි මහතා පවසයි. 

    Latest News