මහරෑ දෙදෙනෙකුට මරු කැඳවූ රිය අනතුර

පෙබ 25, 2019

    දොම්පේ - හංවැල්ල ඌරපොල් මාර්ගයේ තිත්පත්කර ප්‍රදේශයේ දී හංවැල්ල දෙස සිට ඌරපොළ දෙසට ධාවනය ත්‍රීරෝද රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක ගැටී අනතුරට ලක්වීමේ දෙදෙනෙක් මිය ගොස් තිබේ.

    අනතුර සිදුව ඇත්තේ අද රාත්‍රී 8.45ට පමණ.  මියගොස් ඇත්තේ යතුරුපැදියේ ගමන් ගත් 29 හැවිරිදි මණ්ඩාවල ප්‍රදේශයේ පදිංචි චතුරංග බාලසූරිය හා 49 හැවිරිදි අංගම්පිටිය, පාදුක්ක ප්‍රදේශයේ පදිංචි ප්‍රියන්කා ප්‍රියදර්ශනී යන අයයි. අනතුරට වගකිව යුතු ත්‍රීරෝද රථයේ රියදුරු තුවාල ලබා ගම්පහ රෝහලේ ප්‍රතිකාර ලබන බවයි, පොලිස් මූලස්ථානය පවසන්නේ.

    දොම්පේ පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

     

    Last modified on සදුදා, 25 පෙබරවාරි 2019 07:57

    Latest News