පළාත් කිහිපයකට ගිඟුරුම් සහිත වැසි

පෙබ 25, 2019

    අද දින සිට ඉදිරි දින කිහිපයේ දී දිවයිනේ දකුණු අර්ධයේ සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාව ඉහලළ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල සවස 2.00 පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

    මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැක. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දෙයි.

     

    Latest News