වකුගඩු රෝග සහන සත්කාර ඒකකය අද ජනතා අයිතියට

පෙබ 25, 2019

    මහනුවර ශික්ෂණ රෝහලට අනුබද්ධව ඉදි කෙරුණු වකුගඩු රෝග සහන සත්කාර හා සුබසාධන මධ්‍යස්ථානය අද ජනතා අයිතියට පත් කෙරේ.

    මෙය ඉදිකෙරුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ආරම්භ කරන ලද ජාතික වකුගඩු අරමුදලේ රුපියල් මිලියන 628ක මූල්‍ය ප්‍රතිපාදන උපයෝගී කරගනිමින්. සෞඛ්‍ය අමාත්‍යවරයාට සිටිය දී මෙන්ම ජනාධිපති ධූරයට රෝගය නිවාරණය කර ජනජීවිතය සුරක්ෂිත කිරීමයි. ඒ වෙනුවෙන් ජනාධිපති වකුගඩු රෝග නිවාරණ බලකාය පිහිටුවා රෝගීන් වෙනුවෙන් විශාල කාර්යභාරයක් සිදු කෙරෙමින් පවතියි.

    දකුණු ආසියාවේ විශාලතම වෘක්කවේද රෝහල පොළොන්නරුවේ ඉදි කෙරෙන්නේ ද එම වැඩපිළිවෙළ යටතේ. ඉන් නොනැවතී වකුගඩු රෝගීන්ගේ පහසුව සඳහා මහනුවර ශික්ෂණ රෝහලට යාබදව මහල් 6කින් සමන්විත නව මධ්‍යස්ථානය ඉදිකර තිබේ.

     

    Last modified on සදුදා, 25 පෙබරවාරි 2019 08:41

    Latest News